හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
කරුණු 06 ක් ඇතුළත් පැමිණිල්ලක් මර්වින් සිල්වා මහතා විසින් යොමුකළේපෙරේදා(17දා)දිනයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි විභාග කිරීමට පෙර ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
මෙම ක්‍රමවේදයට අනුව අද (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ තොරතුරු පොලිස්පතිවරයාට ලබාදී තිබේ.