ඇමති මනෝ සිය වගකීම ගැන කියයි
ශ්‍රී ලාංකික අනන්න්‍යතාවය යටතේ ජීවත් වන සියල්ලෝම එක්සත් කිරීම තමාගේ වගකීම බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් මහතා පැවසීය.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමට,අධ්‍යනයක් ලබා ගැනීමට පසුගිය වසර තුලදී අමාත්‍යවරයාට අවකාශය ලබුණු බවත් රටේ ජීවත් වන විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන කණ්ඩායම්, විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම්,කියන මේ හැමෝම, ශ්‍රී ලාංකික අනන්න්‍යතාවය යටතේ ජීවත් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙනම් අමාත්‍යවරයා මෙසේද කීය මේ රටේ භාෂා තුනක් තිබෙනවා.ආගම් හතරක් තිබෙනවා.ජන වර්ග විස්සක් විතර ජීවත් වෙනවා.ඒක තමයි විවිධත්වය. ඒ නිසා විවිධත්වය කියන්නේ අපේ දුර්වලකම නොවෙයි.විවිධත්වය කියන්නේ අපේ ශක්තිය තිබෙන දැක්මක් ලෙසයි අප හදාගෙන තිබෙන්නේ.මේ අතරේ සංවාදයද ඉතාම වැදගත්. පසුගිය කාලයේ අපි සම්බන්ධ වුණේ තුවක්කුව,පිස්තොලේ එහෙමත් නැත්නම් ප්රචණ්ඩත්වය හරහායි.ඒ නිසා මේ යුගයේදී සම්පූර්ණයෙන්ම ඒවාට ඉඩ නොදී අපි අතුගාලා දාලා තිබෙනවා. ඒ නිසා දැන් ඉර සහ හඳ යටතේ පවතින ඕනෑම ප්‍රශ්නයක් අපි සාකච්චා මාර්ගයෙන් විසඳා ගැනීම තමයි සංවාදය කියලා කියන්නේ. යැයි කීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

