ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහා කොමසාරිස් ෂෙලී වයිටින් මහත්මිය සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (17) දින මන්නාරමේ බිම් බෝම්බ ඉවත් කිරීමේ බිම් ප්‍රදේශයක සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාව නැවතත් නිරායුධකරණය හා බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව තුල අප කැප වී කටයුතු කරන සාමාජිකයකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ඔටාවා සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන්ගේ 14 වන රැස්වීමේදී අමාත්‍යවරයා ප්‍රකාශකළේය. බිම් බෝම්බ, උගුල් සහ වෙනත් උපකරණ පිලිබඳ 11 වන සංශෝධනය ඇතුළු ඇතැම් සාම්ප්‍රදායික අවි පිලිබඳ සම්මුතියට 2004 දී ශ්‍රී ලංකාව සහභාගී වු අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ පශ්චාත් යුධ සමයේදීය.