විදුලි බල හා බලශක්ති අමාත්‍ය ලෙස පාඨලී චම්පික රණවක මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීමත් සමග වැරදි කළ අයට දඬුවම් ලබා දීම සඳහා යම රජ්ජුරුවෝ පැමිණ ඇතැයි අමාත්‍යාංශ සේවකයේ කියති.
අමාත්‍යවරයා වැඩ බාර ගැනීමත් සමග අයථා මුදල් ගණුදෙනු සඳහා චෝදනා ලැබ සිටින නිලධාරීන් දැඩි තැතිගැන්මකට ලක්ව තිබේ.
ඒ අනුව මේ වන විටත් ඛණිජතෙල් සංස්ථාවට හා විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවිම් පැහැරහැර ඇති පුද්ගලයින් එම මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ලෙස පාලිත රංගෙබණ්ඩාර මහතාද වැඩ බාර ගත්තේය.