එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් විගණකාධිපතිවරයාට සිදුකරන තර්ජන, ගර්ජන වහාම නවතා දැමිය යුතු බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
බැඳුම්කර සිද්ධියේදී විගණකාධිපතිවරයා ලබාදුන් වාර්තාව පදනම් කරගෙන මෙම කටයුතු සිදුකරන බවත්, එහෙත් එම සිද්ධියේදී විගණකාධිපතිවරයා ස්වාධීනව කටයුතු කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා විගණකාධිපතිවරයා රැකගැනීමට හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.