ආසියානු රටවල දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ 9 වන මහා සමුළුව නියෝජනය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ මහතා සහ නියෝජ්යි අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහභාගී වූහ.
මෙහිදී, එම සංවිධානයේ ස්ථාවර කාරක සභා සාමාජිකයකු වන අමාත්‍ය දයා ගමගේ මහතා මහා සමුළුවේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.
එසේම, එම සංවිධානයේ කාන්තා කමිටු උප සභාපතිවරියක වන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ද සමුළුව ඇමතුවාය.
මේ අතර, මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය දයා ගමගේ මහතා මැලෙසියාවේ වැවිලි කර්මාන්ත අමාත්‍ය දාතුක් සේරි කියෝන් (Datuk Seri MahSiewKeong) මහතා ද හමුවිය.