උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාගේ උපදේශකවරුන් ලෙස පත්කර සිටි පුද්ගලයන් 58 දෙනෙකු මේවනවිට ඉවත් කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
තමාගේ උපදේශකවරුන් ලෙස එම පුද්ගලයන් 58 දෙනා කටයුතු කළේ වසරක කාලයක් සඳහා පමණක් බවත්, පසුව ඔවුන් ඉවත් කළ බවත් අමාත්‍යවරයා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදයශාන්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
එමෙන්ම මෙම උපදේශකවරුන් ඉවත් කර ඇති බව තමා මේ වනවිට කෝප් කමිටුවට ලිපියක් මගින් දන්වා ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
මුදල් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලය කොපමණ සිටිනවාද යන්න පිළිබඳ පද්ම උදයශාන්ත මහතා විමසා සිටි අවස්ථාවේ එම පිරිස 17 ක් පමණක් යැයිද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ කාර්යමණ්ඩලය 109 ක් වූ බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය.