ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති අර්බුදයෙන් පසු පවත්වනු ලබන පළමු කැබිනට් මණ්ඩලය අද (24දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
පසුගිය කැබිනට් රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම අමාත්‍යවරුන් වර්ජනය කළ අතර, එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු පමණක් එයට සහභාගි වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කැබිනට් හමුව වර්ජනය කළේ, සාමූහික තීන්දුවක් අනුව බවත්, එසේ වුවද මෙවර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කැබිනට් හමුවට සහභාගි වන බවත් %අද^ කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු පවසා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව පවත්වන ප්‍රථම කැබිනම් රැස්වීම මෙය වන අතර, ඒ හේතුවෙන් මෙවර කැබිනට් මණ්ඩලය සුවිශේෂී වේ. එමෙන්ම මෙහිදී අමාත්‍යාංශ කීපයක් වෙනුවෙන් වැඩබලන අමාත්‍යවරුන්ද සහභාගී වීමට නියමිතය.
ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, ඉදිරි මාස 18ක කාලය තුළ ආණ්ඩුව වේගවත් ගමනක් යෑම සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු තවදුරටත් කල්යන බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළ අතර, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (23දා) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පවත්වා නොමැති බවද වාර්තා වේ.
මේ අතර, කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් කැබිනට් සංශෝධනයක් පසුගියදා සිදු කෙරුණු බැවින් නැවත කැබිනට් සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ යම්යම් අදහස් පළවෙමින් පවත්නා බවත්, ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණය ඉදිරි දිනයකදී දැනුම් දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයේ අමාත්‍ය තනතුරු වෙනස් වීම සම්බන්ධයෙන්ද තවදුරටත් සාකච්ඡා කරන බවද වාර්තා වෙයි.
එමෙන්ම මෙම කැබිනට් රැස්වීමේදී පසුගියදා ආන්දෝලනයට ලක්වූ ස්වාභාවික ගෑස් බලාගාරය ලබාදීමේ ටෙන්ඩරය හා ඛනිජතෙල් මිල සූත්‍රය, ගෑස් හා කිරිපිටි වැඩිකිරීම පිළිබඳව සලකා බැලීමටද නියමිත බවද වාර්තාවෙයි.