ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය 648ක් රටතුළ
ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය 648ක් රටතුළ ඇතැයි හෙළි වී තිබෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය අතර පාසල් දරුවන් ඉලක්ක කර නිෂ්පාදනය කළ මත්ද්‍රව්‍ය පවාතිබෙන බවත්, මේ නිසා දෙමාපියන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් එම බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේය.
පොදුවේ පිරිමි ජනගහනයෙන් 35%ක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හෙළි වී තිබෙන බවත්, 65,000කට අධික ප්‍රමාණයක් හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බොහෝ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් රටතුළට පැමිණෙන නිසා නාවික හමුදාව හරහා එම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
මීට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා රටතුළ මෙහෙයුම් සිදුකර මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මතින් නිදහස් රටක් වැඩසටහන යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදවාගැනීමේ වැඩසටහන් රටපුරා ක්‍රියාමත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

