ඇපල් සමාගමේ නවතම iPhone 6 එළිදක්වයි
ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.
මීට වසර 30කට පෙර ස්ටීව් ජොබ්ස් ඇපල් Mac පරිගණකය එළිදැක්වූ කපර්ටීනෝහි, ඩි අන්සා විද්‍යාලයීය, ෆිලින්ට් මධ්‍යස්ථානයේදී මෙම එළිදැක්වීම සිදුව තිබේ.
ඒ අනුව, iPhone 6 නවතම ස්මාට් ජංගම දුරකථනය මෙන්ම, එහි විශාල තිරයකින් යුතු iPhone 6 Plus ස්මාට් දුරකථනයද එළිදක්වා තිබේ.
එහිදී, iPhone 6 දුරකථනය අඟල් 4.7ක තිරයකින්ද, iPhone 6 Plus දුරකථනය අඟල් 5.5ක තිරයකින් යුතු බවද පැවසෙයි.
iPhone 6 දුරකථනය මිලිමීටර් 6.9ක් තරම් පැතලි දුරකථනයක් ලෙස එළිදක්වා තිබුණු අතර, ඊට නව අතුරු මුහුණතක් එක්ව ඇති බවත් පැවසෙයි.
ඇපල් සමාගමේ නවතම iPhone ජංගම දුරකථනය සමග, නවතම ස්මාට්වොච් එකක් හෙවත් අත්ඔරලෝසුවක්ද මෙවර එළිදක්වා තිබේ.
එය ප්‍රථම iPad ටැබ්ලට් පරිගණකය සහ ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසුව ඇපල් සමාගමේ ප්‍රථම නව නිෂ්පාදන පෙළ ලෙස එළිදැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

