යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකදී ලබාදුන් ආහාර විෂ වීමකින් අද (11දා) උදෑසන 98 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ඇති බවට කයිට්ස් පොලීසිය පවසා සිටියේය.
ශාන්ත අන්තොනි දේවස්ථානයේ මෙලෙන්චි මුනෙයි ගම්වාසීන් 700ක් පමණ දෙනා එක්ව ඊයේ (10දා) මෙම උත්වය පවත්වා ඇති අතර, පසුව සියලු දෙනාටම ආහාර ලබා දී තිබේ.
එහිදී ආහාර ගැනීමෙන් පසුව ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකුට හා ළමුන් 45 දෙනෙකු වමනය යෑම සහ උදරයේ වේදනාව ඇතුළු රෝගයන්ට මුහුණදී ඇති අතර, අද උදෑසන එම පිරිස් කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
අදාළ රෝග ලක්ෂණයන්ට අනුව කෑම විෂ වූයේ නම් සියලු දෙනාටම රෝග ලක්ෂණයන් පහළ වීමට ඉඩඇති අතර, කොටසකට පමණක් මෙවැනි රෝග ලක්ෂණයන් පහළ වීම සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමන්ලා ඇතුළු ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.