උතුරු පළාතේ ක්‍රියාත්මක 'ආවා' කල්ලිය මර්දනය කිරීම සිදුකරන ආරක්ෂක වැඩපිළිවෙළට අනුව යාපනය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
දින දෙකක් තුළ ඇති වූ සිද්ධීන් 08ක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා 'ආවා' කල්ලියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබේ.