ආවා කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ ප්රබල සාමාජිකයෙකු වූ පොල් නමැති පුද්ගලයා අද (22දා) අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
පොලීසියට අත්යවශ්යවම සිටි පෝල් හෙවත් පොල් වෙනිස්ටන් නමැත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.
සැකකරු යාපනය නගරයේ ස්ථානයක සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (22දා) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.