යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට පොලීසිය සමත්ව ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 'අද' පුවත්පතට පැවසීය.
එසේම ආවා කල්ලියේ නායකයා ඇතුළු එහි සාමාජිකයන් 12 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඊයේ දිනයේදීද (08දා) ආවා කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු යාපනයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණු බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනෙකු සිටින බවත්, ඔවුන් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් පිළිබඳවද විමර්ශනය කරන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.එසේම ඔවුන් දෙමළ ඩයස්පෝරාව හා පවත්වන සබඳතා පිළිබඳවද සොයා බලන බවදපොල්ස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු පෙරේදා (07දා) අත්අඩංගුවට ගැනුණු අතර, පිටකොටුව, මට්ටක්කුලිය හා යාපනය ප්‍රදේශවලදී ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ අතර ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් ද විය.යාපනය කෝපායිහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආවා කල්ලි සාමාජිකයන් තියුණු ආයුධවලින් පහරදීමත් සමග ඒ පිළිබඳ පොලීසිය විශේෂ විමර්ශන ආරම්භ කරමින් ආවා කල්ලියට සම්බන්ධ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.