කොකුවිල් ප්රදේශයේ පාළු වත්තක තිබූ යතුරුපැදියක් යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ භට පිරිසක් අද (17දා) සොයාගෙන ඇත.
අදාළ ස්ථානයේ යතුරුපැදියක් සඟවා තබන බවට ලැබුණු තොරතුක් මත සිදු කළ වැටලීමේදී මෙය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය 'ආවා කල්ලිය' විසින් අපරාධ සඳහා යොදා ගත් යතුරුපැදියක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.