ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් මඩොල්සිම කොකාගලවත්තේ නිවසක ගරාජයක සඟවා තිබියදී ඊයේ (20දා) සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ කැබ් රථය නවතා තිබූ නිවසේ හිමිකරුද කැබ් රථය සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මඩොල්සිම පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (20දා) මෙම කැබ් රථය සොයාගෙන තිබේ.
E.P-GB 8951 දරන රතු පැහැති මිට්ෂුබිෂි L200 වර්ගයේ මෙම කැබ්රථය සඳහා වලංගු බලපත්‍ර පැවරුම් සහතික හෝ වෙනත් කිසිදු ලියකියවිල්ලක් නොතිබූ බවත්, එහි සඳහන් අංකය මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමේදී එය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් එකක් බවට අනාවරණය වූ බවත් පොලීසිය සඳහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්