ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා කළත් පසුගිය අයවැයෙන් මෙන්ම මෙවර අයවැයෙන්ද ආණ්ඩුව ජාතික ආරක්ෂාවට විශාල මුදලක් වෙන්කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
ඊයේ (12දා) බියගම පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. “ ජාතික ආරක්ෂාවට රජය මුල්තැන දීලා තියෙන්නේ. මොන චෝදනා කළත් රටේ ආරක්ෂාවට කිසිම බාධාවක් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. ”