ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මහතා ඊයේ (18 දා) යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඇතුළු යාපන අර්ධද්වීපයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. ආරක්ෂක අංශවල වත්මන් ස්ථානගතවීම් සහ ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබද සොයා බැලීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ අරමුණ විය.
යාපන ආරක්ෂක සේනාමුලස්ථානයට පැමිණ ආරක්ෂකලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත යන හමුදා ප්‍රධානීන් විසින් විසිත් පිළිගන්නා ලද අතර අනතුරුව බස්නායක මහතා වෙත හමුදා සම්මාන මුරයක්ද පිලිගැන්විණ.