එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා අද (16දා) පෙරවරුවේදී නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි ඇරඹීය.
වසර 12කටපසු ජනාධිපතිවරයා හැරෙන්නට ආරක්ෂක අමාත්‍ය ධුරයේ ඇමතිවරයෙකු වැඩ භාරගත් පළමු අවස්ථාව මෙයයි.
රටේ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන රණවිරුවන්ගේ අභිමානය වර්ධනය කරන වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කරන බවත්,රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල දූදරුවන් ඇතුළු යැපෙන්නන්ගේ අවශ්‍යතා පිළිබඳව ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් විජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.
චාමර සම්පත්/හෙරල් සෙනාධීර
ඡායා- ඒශාන් ප්‍රනාන්දු