ආරක්ෂක අංශ සාමාජිකයන්ට විධිමත් පුහුණුව සහ අධ්‍යාපන අවශ්‍යතාවයන් සපුරා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (15දා) එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරට ආරක්ෂක අංශ මානුෂීය හමුදාවක් ලෙස ඉදිරියේදීත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැන නඟින මානුෂීය ගැටළු වලදී සහන සැලසීමට මැදිහත් වෙන බවයි.
නේපාලයේ ඇතිවූ ස්වභාවික ව්‍යවසනයේදී මෙරට ආරක්ෂක අංශවල කඩිනම් මැදිහත්වීම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනුණු බව සඳහන් කල අමාත්‍යවරයා එමඟින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබාගැනීමට හැකිවූ බව මෙහිදී සඳහන් කළේය.