ආරක්ෂක අංශ සතුව තිබී මුදවාගත් මයිලෙඩ්ඩි ප්‍රදේශයේ ඉඩම් අක්කර 54 ක ප්‍රමාණය තුළ පවුල් 200ක් පදිංචි කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම පවුල් 200 එම ප්‍රදේශ ආශ්රිත සහන කඳවුරුවල ජීවත්වන පිරිස් වන අතර, එම පිරිසෙන් පවුල් 100 ක ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ ධීවර කර්මාන්තයයි.
මේ නිසා එම පවුල් 100 සඳහා අවශ්‍ය ධීවර උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12.5ක්ද වැය කර තිබේ.
අදාළ ප්‍රදේශයේ ඉඩම් ලැබීමට සුදුසුකම ලබා තිබෙන්නේ මෙම භූමිය ආරක්ෂක අංශ සතු කරගන්නා විට එම ස්ථානවල පදිංචි වී සිටි පිරිස් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.