ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ඒ මහතා මීට පෙර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ. මේ අතර ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂවරුන් ලෙස මංගල පී.බී.යාපා සහ අජිත් ගුණවර්ධන මහත්වරු පත්කර සිටිති.