ලංක ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයට පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අදාළව විසඳුමක් හෝ සාකච්ඡාවක් තවමත් නොලැබී ඇතැයි එම සංගමය සඳහන් කරයි.
එසේම 2017/10/11 දින සිට සති දෙකක කාලයකින් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ලිඛිතව දැනුම් දීමට පොරොන්දු වුවත් මේ දක්වාම එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තම සංගමයේ ගැටලු විසඳා ගැනීමට කඩිනමින් දිනයක් ලබාදෙන්නැයිද සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි සභාපතිවරයාගෙන් ලඛිතව පෞද්ගලික ටැංකි රථ හිමියෝ ඉල්ලා සිටිති.
ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා යොමුකළ ලිපියේ දැක්වෙයි.
වසර දෙකක සිට අඩු මිල ගණන් යටතේ ප්‍රවාහන කටයුතු කරන බවත් ප්‍රමාණවත් කිලෝ මීටර් ප්‍රමාණයන් නොලැබීමෙන් ව්‍යාපාරය පවත්වාගෙන යෑමට ගැටලුවක් මතුව ඇති බවත් එම ලිපියේ තවදුරටත් දැක්වෙයි.
සති දෙකකින් විසඳුමක් දෙන බවට නිකුත් කළ ලිපිය
පිළිතුරු නොලැබුණ බව පවසන ලිපිය