ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් ව සේවයෙන් විශ්‍රාම ගිය රණ විරුවන්ට සමකාලීනයන්ට සමගාමී ව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබේ. .
ඒ අනුව එම රණවිරුවන්ට හිමි එම නිල උසස්වීමි හා ගෙවීමට ඇති හිඟ මුදල් ඔවුන් විශ්‍රාම ගත් දින සිට ගෙවීමට කටයුතු කරන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් නොයෙක් ආබාධිත තත්ත්වයනට පත් වී විශ්‍රාම ගොස් සිටින රණ විරුවන් 6200කට පමණ මේ හරහා සෙත සැලසෙන බවත් හෙතෙම කීය.