දරුවන්ට ඇතැම් මවුපියන්ගෙන් හිමිවිය යුතු ආදරය හා සැලකිල්ල දුරස් වී යන සමාජයක 81 වියැති මවක අවුරුදු 55 ක කාලයක් තම ආබාධිත එකම දියණිය රැකබලා ගැනීමේ සංවේදී පුවතක් පොළොන්නරුව වැලිකන්ද ප්‍ර‘දේශයෙන් වාර්තා විය.
ඒ වැලිකන්ද පල්ලිය පාර ලිපිනයේ කුඩා පැල්පතක් තුළ දිවි ගෙවන ඩී.ආර්. සෝමාවතීය. ඇයට වයස අවුරුදු 81 කි. දියණිය ඩබ්ලිව්.එම්. සිරිමලතාය. 55 වියැති ඇය ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව ඇඳ මත වසර 35 කට අධික කාලයක් ජීවත් වන්නීය.
“දුවට රුපියල් 800 ක මහජන ආධාරයක් ලැබෙනවා. ඒක අපි දෙන්නට මොනවා කරන්නද? අපි දවසට එක වේලක් කාලා තමා ඉන්නේ. කවුරු හරි මොනවා හෝ ගෙනත් දුන්නොත් තමා වේල් තුනම කන්නේ. දැන් අපි දෙන්නටම වයසයි. කාත් කවුරුත් නෑ. ඇස් පෙන්නේ නැහැ. බෙහොත් ටිකක් ගන්න සල්ලි නෑ. මම දැන් අවුරුදු 55 ක මේ දුව රැකබලා ගන්නවා. ඉතිං අපිට බෙහෙත් ටිකක් ගන්නයි. කන්න බොන්නයි සල්ලි කීයක් හරි දුන්නොත් බුදු බව අත්වෙයි"
මේ සඳහා ඔබට යම් පිහිටක් වීමට හැකිනම් එය මහත් පුණ්‍ය කර්මයක් වන්නේය. ඇගේ ලිපිනය - ඩී.ආර්. සෝමාවතී, පල්ලිය පාර වැලිකන්ද. ගිණුම් අංකය - 254200170889824 වැලිකන්ද මහජන බැංකුව. මෙම මහලු දෙපළට පිහිටවන අසල්වැසි හිතවෙකු වන සුනිල් අමරසිංහ මහතාගේ දුරකථන අංකය 0788418254
මනම්පිටිය - නිමල් ජයරත්න