ආපදා සේවා සඳහා ජර්මනියෙන් හෙලිකොප්ටර් 8ක් ගෙනෙයි
ඉදිරියේදී අපදා සේවා සඳහා ජර්මනියෙන් හෙලිකොප්ටර 8ක් ගෙන එන බවත්, සෞඛ්‍ය ක්ෂේත්රයේ තීන්දු තීරණ ගැනීම වේගවත්ව සිදුකළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබඳ ජාතික සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ප්‍රායෝගික තීන්දු තීරණ ගතයුතුයි. මිනිස් ජීවිත 10ක් මැරිලා ගන්න තීන්දුවට වඩා ඊට පෙර ගන්නා තීන්දුව ඉතා වැදගත් වෙනවා. තීන්දු තීරණ ගැනීමේදී කිසිවෙකු අපහසුතාවයට පත්වනවා නම් එහි වගකීම භාරගැනීමට මම සූදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් රාජකාරි කටයුතු සිදුවන්නේ ඉතාම මන්දගාමීවයි. අපි සෞඛ්‍ය සේවාවන් ඉටුකිරීමේදී වේගවත් විය යුතුයි. එහෙත් සමහර නිලධාරීන් රාජකාරියක් ලෙස නොසලකා යුතුකමක් ලෙස සලකා වේගවත්ව රාජකාරි කටයුතු සිදුකරනවා.
බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අවයව කඩිනමින් රෝහල්වලට ගෙන ආ යුතුයි. ඒ සඳහා ජනාධිපතිවරයා සමග ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තවද ඉදිරි කාලයේදී ආපදා හෙළිකොප්ටර් යානා 08ක් ජර්මනියෙන් ලබාගැනීමෙන් පසු අවයව ප්‍රවාහනය කිරීම ඉතා පහසු වෙනවා.1990 සුව සැරිය ගිලන් රථ සේවාව විධිමත් සේවාවක් බවට පත්ව තිබෙනවා. අනාගතයේදී ගුවනින් සහ ගොඩබිමින් රෝගීන් ප්‍රවාහනය කිරීමත් සමග විධිමත් සෞඛ්‍ය සේවාවක් රෝගී ජනතාවට ලබාදිය හැකියි. ” යැයි පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


