ආපදා කළමනාකරණය සහ ආපදා සහන සේවා පිළිබඳ සිව්දින නේවාසික පුහුණුව අවසන් කළ ප්‍රථම ස්වේච්ඡා තරුණ භට පිරිසට සහතික පත් බෙදාදීම සහ විසර යාමේ උළෙල ඊයේ (30දා) ඇඹිලිපිටිය ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු පුහුණු කඳවුරේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා,එම නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද ,විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිනී තලතා අතුකෝරාළ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංද වැලිඅංග යන මහත්ම මහත්මීන් එක්ව සියහ.
ආපදා කළමනාකරණයට අදාලව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 17න් යෞවන සමිති සහ ජාතික යොවුන් සේනාංකය හරහා තෝරාගත් තරුණ තරුණියන් 220 කට ජාතික තරුණ සේවා සභාවේ බටන්ගල සහ දිවිනැගුම කල්තොට පුහුණු මධ්‍යස්ථාන වලදී නේවාසික පුහුණු ලබා දීමෙන් පසු ඔවුන් විසිර යාමට මත්තෙන් නාය යාම් ගංවතුර වැනි ස්භාවික විපත් වලදී එම පුහුණුව යොදාගන්නා ආකාරය පිළිබඳව සංදර්ශනාත්මක වැඩටහනක් ද හමුවේ ඉදිරිපත් කළේය.