ආපදා ඇමති වැඩ බාරගනී
ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම මෙන්ම මිනිසා විසින් සිදුකරන ආපදා පාලනය කිරීම කෙරෙහිත් අවධානය යොමු කිරීම අවශ්‍යතාවක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ආපදාවක් වූ විට ක්ෂණික සහන ලබාදීමට වඩා පූර්ව ආපදා කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බවත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් හෙතෙම පැවසූයේ සිය අමාත්‍යාංශයේ වැඩභාරගැනීමෙන් පසුවය
ප්‍රථිවියේ උෂ්ණත්වය වැඩිවීමත් සමග දූපතක් වශයෙන් අප රටට මුහුණදීමට තිබෙන ව්‍යසනකාරී තත්ත්වයන් වැඩි වී තිබෙන බවත් ඒ නිසා රටක් වශයෙන් ද ඒ පිළිබඳව අවධානය යොමු කරවීමේ අවශ්‍යතාව ද එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලොව පුරා ආපදා ව්‍යසන වැඩිවීමේ ප්‍රවණතාව සහ ආපදා නිසා සිදුවන අලාභහානි ශීඝ්‍ර වශයෙන් වැඩිවීමේ ප්‍රවණතාව මත ආපදා විෂය ලොවපුරා අවධානය යොමු වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරී ඉටු කිරීම නිසා ලත් අත්දැකීම් ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශ විෂය තුළ කටයුතු කිරීමේ දී වැඩි පරිචයක් ලබාගැනීමට ඉවහල් වන බව වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

