කොතරම් අලාභ වුවද මේ වනවිට ආනයනය කර ඇති සියලුම ග්ලයිෆොසෙට් කෘෂි රසායනික විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17දා) කැබිනට් හමුවේදී උපදෙස් ලබාදුන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වෙළෙඳ පොළේ ග්ලයිෆොසෙට් කෘෂි රසායනික සොයා විනාශ කරන ලෙසද ඒ සඳහා සිදුවන අලාභ සියල්ල රජය දරාගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.