ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියකට සම්බන්ධව චූදිත වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතා විසින් පෙරපාසල් දරුවන්ට පාවහන් බෙදී දීමට කළ උත්සායක් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ.
ආණමඩුව ප්‍රධාන බස්නැවතුම්පොළේදී ජනපතිගේ රුව සහිත පෝස්ටර් හා කටවුට් යොදා ගනිමින් මෙම වැඩසටහන දියත් කිරීමට කටයුතු කොට තිබුණි.
මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත ආණමඩුව සහකාර මැතිවරණ කොමසාරිස් ක්‍රියාත්මකවීමෙන් මෙම වැඩසටහන නවත්වා තිබේ.