දකුණු අප්‍රිකාවේ ගුහාවක තිබී මින් පෙර හඳුනාගෙන නොතිබූ, මානව පොසිලයක් සොයාගෙන ඇත.
හෝමෝ නලේඩි ලෙස නම් කර ඇති මෙම නව මානවයා, වත්මන් මිනිසා පරිණාමය වී ඇති හෝමෝ ගණයෙහිමලා සැලකෙයි.
මේ වනවිට, මෙම මානවයාට අයත් අස්ථි කැබලි 1,500ක් පමණ විද්‍යාඥයන් විසින් මතු කරගෙන ඇති අතර, එය මානවයන් 15කගේ පමණ අස්ථි කොටස් සහිත පොසිලයක් බව කියයි.
මෙම මානව පොසිල සඳහා තවම නිශ්චිත කාල නිර්ණයක් සිදුකර නැතත්, එය වර්ෂ 20,000ත්, වර්ෂ මිලියන දෙකත් අතර පැරණි පොසිලයක් විය හැකි බව විද්‍යාඥයෝ පවසති.