‘ආදීවාසීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීම’ යන්න තේමා කරගනිමින් ලෝක ආදිවාසි දිනය අද සමරයි. ලොවපුරා රටවල් 70 ක ජන කණ්ඩායම් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ආදිවාසීන්ගෙන් 70% ක්ම ආසියාකරයේ ජීවත්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකර්ම සංවර්ධනය සදහා වූ ජාත්‍යන්තර අරමුදල පවසයි. ලෝක ජනගහනයෙන් 5% ක් නියෝජනය කරන ආදීවාසී ජනතාව භාවිත කරන භාෂා සංඛ්‍යාව 4000 ඉක්මවා තිබේ.
වැද්දන් ලෙස ව්‍යවහාර වන මෙරට ආදීවාසී ජනතාව ද ලෝක ආදීවාසීන් අතර වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති අතර ක්‍රි.පු. යුගයේ සිට ඔවුන් පැවත එන බව පර්යේෂකයින් රැසක් කළ පර්යේෂණවලදී හෙළි වී තිබේ.