ඉදිරි දින දෙක ඇතුළත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරක් දරණ ඇමතිවරයකු විපක්ෂය සමග එකතුවන බව හිටපු අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද (03දා) පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය.
ඒකනායක මහතා මෙම අදහස් පළකලේ මාතලේ මල්වත්ත පාර් ඒ මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදිය.
ඒකනායක මහතා මෙසේද පැවසිය,
"ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් දෙස කලකිරිමෙන් අප සිටියේ. සංවර්ධන කටයුතු ගැන කියනවා, සංවර්ධනය සිදු වුණත් එයින් ගසා කෑම් වැඩියි. මම හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්වවිද්‍යාල ආචර්යවරුන්ට සහ සිසුන්ට ඇති ප්‍රශ්න පිළිබදව අවශ්‍ය විසදුම් ලබා දිමට රජය අපොහසත් වුණා. අද මාතලේ දිස්ත්‍රික්කය තුළ විශාල පිබිදිමක් තියනවා. ඇතැම් අය කියනවා මම පැන්නා කියලා. නමුත් දැහිමිව ජිවත්වන කෙනෙක් විදිහට මේ සිදුවන අපරාධ දෙස බලා සිටිමට බැරි නිසා රට වෙනුවෙන් මේ තිරණය ගත්තා."
රත්තොට රුවන් ධනංජය