මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල හරහා ආණ්ඩුවට පැහැදිලි රතු එළියක් පෙන්වීමට හැකිවූ බව විපක්ෂයේ ජනාත විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ප්රජාතන්ත්රවාදී පක්ෂය ‘අද’ කළ විමසුමකදී පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
“මෙවර මැතිවරණයේදී ආණ්ඩුව ගෙදර යැවීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙළට ජනතාව කොළ එළියක් ලබාදී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යැවීමට කාලය හරි බවට රතු එළියක් ජනාතව ලබාදී තිබෙනවා”
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු
“පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද පදනම අඩුවීමෙන් පෙන්නුම් කරන්නේ තනි පුද්ගලයන්ගේ ජනප්‍රියතාව සහ පක්ෂයේ ඡන්ද පදනම අඩුවී ඇති බවයි, එමගින් ආණ්ඩුවට ජනතාව රතු එළියක් පෙන්වා තියෙනවා"
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
“මෙහි වැදගත්ම සිද්ධිය වන්නේ රට තුළ ජනමතය විකෘති කරමින් කටයුතු කළත් තවදුරටත් එවැනි ක්‍රියා කිරීමට ඉඩ නොතබන බවට දකුණේත් බස්නාහිරත් ජනතාව ආණ්ඩුවට රතු එළියක් දැල්වීමයි”
ඉන්දික හේවාවිතාරණ/ අමිත් මධුරංග