ආණ්ඩුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති ප්‍රශ්න විසඳීම වෙනුවට කෝටි ගණන් වියදම් කරමින් ගොඩනැගිලි ඉදිකරමින් සිටින බවත් ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ සෞඛ්‍යයෙන් වැඩක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සියලු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා දෙන ලෙස බලකරමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අද (19) එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවැසීය.
මේ ආකාරයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 650කට ආසන්න පිරිසක් 2010 සිට රැකිය විරහිතභාවයෙන් පෙළෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේදය වෛද්‍ය ක්‍රමය නගා සිටුවන්න පාරම්බාපු කිසිම ආණ්ඩුවක් මේ ප්රශ්නය විසඳුවේ නැහැ. යැයි පැවසීය.