මහ නාහිමිවරුන් සහ කාරක සභා ඇතුළු ශාසනයේ අදාළ අංශ අඩපණ කර දමා වර්තමාන ආණ්ඩුව මුළු ශාසනය පුරාම සිය බලය සහ අණසක පැතිරවීමට කටයුතු කරන බවත්, ශාසනයට කරන මර්දනය පරාජය නොකළහොත්, වෛතුල්‍යවාදය නැවත රට තුළ හිස එසවීම අනිවාර්ය බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතික විද්වත් මණ්ඩලය සමග ඊයේ (30දා) පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒකාධිපති රෙජීමයේ උපදේශකවරුන් ලෙස භික්ෂූන් වහන්සේලා පත්කරගැනීමත් සමග ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා අවවාද උපදෙස් ලබාදෙන්නේ ඒ උපදේශක භික්ෂූන් වහන්සේලා බවත්, මේ නිසා රාජපක්ෂ රෙජීමය මහනාහිමිවරුන්ගෙන් සහ කාරක සභාවල අවවාද, උපදෙස් අනුශාසනා ලබානොගන්නා බවත්ය.