ජාතික නිදහස් පෙරමුණට ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාවක් නොතිබුණද, ආණ්ඩුවට විරුද්ධව සමාජයෙන් එල්ලවන සාධාරණ විවේචන නිවැරදි කරගෙන ඉදිරියට යාමේ අවශ්‍යතාවක් තිබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව අනුව ඔවුන් ඒ දෙසට නැඹුරු වී ඇතැයි සිතෙන බවත් එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (06දා) පැවසීය. එකඟතාවය අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර බොහෝ යෝජනා ක්‍රියාත්මක වනු ඇති බව පැවසූ අමාත්‍යවරයා අයවැය සකස් කිරීමේදීද ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරනු ඇතැයිද සඳහන් කළේය.
බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, දේශීය නිෂ්පාදන බලගැන්වීම, ජාතික කර්මාන්ත බලගැන්වීම ඇතුළු ජනතාවට ජයග්‍රහණ ගෙන එන ක්‍රියාමාර්ග 26කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව පළවූ බවද වීරවංශ මහතා පැවසීය.
&තත්ත්වයන් වෙනස් වෙද්දී දේශපාලන කාරණාත් වෙනස් වෙනවා. අපි කළේ අඳුරට පහනක් පත්තු කිරීම පමණයි. ඒ අනුව ඉදිරියේදී ජනතාවට ජයග්‍රහණ රැසක් ලැබීමට නියමිතයි* යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.