වත්මන් ආණ්ඩුව ඉන්දීය තෙල් මාෆියාවට හසුව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
තෙල් මිලදී ගැනීමේදී ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධ වූ ටෙන්ඩර් වංචාවක් සිදුව තිබෙන බවත්, ඒ පිළිබඳව ඉදිරි දින කිහිපයේදී සියලු නම් ගම් සහිතව තොරතුරු හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තෙල් මිලදී ගැනීමේදී සමාගම්වලින් මිල ගණන් කැඳෙව්වාද නැද්ද යන්න සම්බන්ධව එහිදී කරුණු අනාවරණය කරන බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද්ධය කරගෙන යන අවස්ථාවේදී අඩුවකින් තොරව රටට ඉන්ධන සැපසූ බවත්, බලය බෙදීමට කතා කරන වත්මන් ආණ්ඩුවට ඉන්ධන හරිහැටි බෙදාගැනීමට නොහැකි වී ඇති බවද හෙතෙම පවසා සිටියේය.