www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
වත්මන් ආණ්ඩුව සිටින තුරු සයිටම් ආයතනය වසා නොදමන බවත්, කිසිවෙකුට වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය නොහැකි බවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(07දා) පැවසීය.
දේශපාලඥයන් යනු අවස්ථාවාදීන් බවත්, ඔවුන් බලය ලබගත් විට එක ස්ථාවරයකද බලයෙන් ඉවත්වූ විට තවත් ස්ථාවරයකද සිටින බවත් සභාපතිවරයා පවසා සිටියේය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ සයිටම් ආයතනයේ විධායක අධ්යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්ත වාමාංශික කණ්ඩායමක් සිටින බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳව තමන්ට කිසි විශ්වාසයක් නොමැති බවත්, වෛද්‍ය සිසුන් ලියාපදිංචි කිරීම සඳහා වෛද්‍ය සභාව විසින් විභාගයක් පැවැත්වුවහොත් සයිටම් ආයතනයේ සිසුන් සියලු දෙනා අසමත් කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
සයිටම් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd