ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් ආරම්භකර ඇති සටන තමා සිරගෙවල් සියයක දැමුවද අත්නොහරින බව රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද(24දා) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මේවනවිට රක්ෂිත බන්ධනාගාරගතකොට සිටින විමල් වීරවංශ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි විය.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයට සහභාගි වෙමින් මන්ත්රීවරයා මේබව කියා සිටියේය.
“යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. අසු අට අසූ නවය කාලේ මීටවඩා යක්කු හිටියා. මේ යක්කු මොකුන්ද? අපි එදා බය වුණේ නැහැ. අද බය වෙන්නෙත් නැහැ* යැයිද මන්ත්රීවරයා කියා සිටියේය.