සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට යන බවත්, ඒ අනුව අනිද්දා (06දා) නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට නියමිත බවත් ආණ්ඩුකාර කාර්යාල වෙතට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, බොහෝදුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමක් බවට දැනුම් දී ඇත.
එක් ආණ්ඩුකාරවරයෙකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම මෙම වෙනස් කිරීම්වලට හේතුව වී ඇති බවද පැවසේ.