සියලු දෙනාට එකඟවිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් පමණක් ආණ්ඩුව සම්මත කරගන්නා බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බුද්ධාගමට ප්රමුඛ ස්ථානය ලබාදිය යුතු බවට දැනට පවතින ව්‍යවස්ථාවේ වගන්ති තවත් ශක්තිමත්විය යුතු බවත්, බුද්ධාගමට ප්රමුඛ ස්ථානය ලබානොදී අන්‍යාගමික රාජ්‍යයක් කිරීමට උත්සාහ කළහොත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශිෂ්ටාචාරය නොසලකා හැරීමක් වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඒකීයභාවය සම්බන්ධයෙන් දැනට පවතින ව්‍යවස්ථාවේ වගන්ති තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත්, එම කරුණු වෙනස් නොකළ යුතු බවත් පැවසූ රණවක මහතා, ඒකීයභාවය වචනයකට පමණක් සීමා නොකර අර්ථයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවද පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (02දා) ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.