කාර්යක්ෂම හා කඩිනම් සේවා තවදුරටත් පුළුල් කරමින් මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ආගමන විගමන දෙපාර්තමේන්තුව 29දා සිට බත්තරමුල්ල "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට නියමිතය.
මේ හේතුවෙන් කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයේ හා මහනුවර, මාතර, වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලයන් හි 26දා මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙමස 29දා විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවාය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව සිදු කෙරෙන අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවන්ද ක්‍රියාත්මක නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
නමුත් මෙමස 26 හා 29 දිනවලදී ගුවන් තොටුපල හා වරාය මගී නිෂ්කාශන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.