අවුරුදු පහක දැරියකට පියයුරු පිළිකා සැත්කමක්
ශ්‍රී ලංකාවේ ළාබාලතම දැරියකට සිදුකරන පළමු පියයුරු පිළිකා සැත්කම අද (28දා) මහරගම අපේක්ෂා ජාතික පිළිකා රෝහලේදී සිදුකිරීමට නියමිත බව එම රෝහලේ ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ කණිෂ්ක ද සිල්වා මහතා පැවසීය.
අවුරුදු 5ක වයසකින් යුතු දැරියක් අද එම සැත්කමට මුහුණු දෙන බවත්, එය ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් හෙතෙම පැවසුවේය. ඔක්තෝබර් මාසය පියයරු වැළැක්වීමේ මාසය වන බැවින් ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණෙන් අද (28දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.
ලෝකයේ මෙන්ම ලංකාවේද කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතරින් බහුලතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. දිනකට අලුත් රෝගීන් 6-7ක් හඳුනා ගැනෙන මෙම රෝගී තත්ත්වය කල්තියා හඳුනා ගැනීමෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකිය.
ඒ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව මාසයකට වරක් කාන්තාවන් විසින් සිදුකළ යුතු බවත්, දිවයින පුරා පවතින සුවනාරි හා සුව දිවි සායන හරහාද මෙම පරීක්ෂා සිදුකරගත හැකි බවත් හෙතෙම පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

