අවුරුදු තුනක් පමණ වයසැති කුඩා දරුවෙකු සූරියවැව, විහාරගල අලිඔලුආර පිරිවෙනහි දමා කාන්තවක පලා යාමේ පුවතක් වාර්තා වේ.
අලිඔලුආර විජිතාලෝක පිරිවෙනේ පරිවේණාධිපති ගැටමාන්නේ විජිත හිමියන් පවසන්නේ, ඊයේ (22දා) සවස පහට පමණ විහාරස්ථානයට පැමිණි අදාළ කාන්තාව දරුවා දමා පළාගිය බවයි.
අදාළ කාන්තාව පෙනුමෙන් වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක බවත්, මාතර, කොප්පරාව ප්රදේශයේ පදිංචි බව කියන දරුවාගේ නම සුපුන් බවත් විජිත හිමියෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.jpg)
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට/ නුවන් ජයසේකර