කාබන් බද්දක්
අවුරුදු 5ට අඩුවාහන සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන අතර යතුරුපැදි සඳහා දිනකට ශත 17 ක්, මෝටර් රථ සඳහා 2.78ක් පුද්ගලික බස් රථයකට 2.77 අය කිරීමට අපේක්ෂිතය. මෙම අරමුදල් පරිසරය ආරක්ෂා කිරීමට යෙදවීමට නියමිතය.
පොලිතින් විකල්ප නිෂ්පාදන
රු.බි.75ක් ප්ලාස්ටික් පොලීතින් වෙනුවට හඳුන්වාදෙන නව විකල්ප නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට වෙන් කිරීමට අපේක්ෂිතය.
ශරීර සුවතා මං තීරු
සෑම ප්‍රා‘දේශීය කොට්ඨාසයකටම ශාරීරික සුවතා මංතීරු හරිත උයන් සඳහා රු.බි. 1300ක් වෙන් කිරීමට අපේක්ෂිතය.
විවෘත කූඩු සංකල්පය
දෙහිවල සත්ත්ව උද්‍යානයේ කූඩු කළ සතුන් සංකල්පය බැහැර කර, විවෘත කූඩු සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. වඳවීමේ සතුන් ආරක්ෂා කිරීමේ වනජීවී සංරක්ෂණ අරමුදලට මි.20ක් වෙන් කිරීමට අපේක්ෂිතය.