මාළිගාවත්ත, හිජාරා මාවත මහල් නිවසක පදිංචිව සිටි අවුරුදු දෙකක පිරිමි දරුවෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ මව හා පියා අත්අඩංගුවට ගෙන තිබේ.
දරුවා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණ අතර දෙමාපියන් ප්රකාශ කර තිබුණේ මරණයට හේතුව සීනි වැඩිවිම බවයි. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇත්තේ මරණයට හේතුව බාහු විධ මොට තුවාල නිසා ඇතිවූ මරණයක් බවයි.
ඒ අනුව දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මව හා පියා අත්අඩංගුවට ගෙන තිබේ.