1991 වසරේ මාර්තු මස 18දා පුද්ගලයෙකු ඝාතනය කර මුදල් හා රන්බඩු කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරිමට පොළොන්නරුව මහාධිකරණය කටයුතු කළේය.
පොළොන්නරුව මහාධිකරණයේ පත්කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේගල මහතා මෙම තීන්දුව අද (21දා) ලබාදුන්නේය.