ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 100 ඉක්ම වූ වයෝවෘද්ධ වැඩිහිටියන් 350ක් පමණ ජීවත් වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (08දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව වයස අවුරුදු 100 ඉක්මවන වැඩිහිටියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදෙන බවත් ඔහු පැවැසීය.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.