අප්‍රේල් 13 වැනිදා සහ 14 වැනිදා යන දෙදිනේදී කොළඹ - කටුනායක සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් ලක්ෂ 133 ක ආදායමක් ලැබූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ටී.කේ. රණතුංග මහතා සඳහන් කළේය. මෙම දින දෙක තුළ වැඩිම වාහන ප්‍රමාණයක් භාවිත කර තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය බවත්, එම මාර්ගයෙහි මෙම කාලයේදී වාහන 42,000 ක් ධාවනය කර තිබෙන බවද සඳහන් වේ. එමගින් රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් උපයාගෙන ඇති බව අධ්යක්ෂවරයා පවසා සිටියේය.
මීට අමතරව කටුනායක, කොළඹ අධිවේගී මාර්ගයෙහි මෙම දින දෙකෙහි රථවාහන 22,000කට අධික ප්‍රමාණයක් ධාවනය කර තිබෙන බවත්, එමගින් රුපියල් ලක්ෂ 43 ක් උපයාගත් බවද ඔහු සඳහන් කළේය.